Free DVD authoring and burning tool for Linux and Windows

මෙම උපදේශකය ඩීවීඩී ස්ටයිලර් භාවිතයෙන් ඩීවීඩී එකක් සාදාගන්නා පියවර විස්තර කරයි.

 

  1. අළුත් ප්‍රොජෙක්ට් එකක් සාදා ගැනීම

    • ආරම්භක ‍තෝරාගැනීමේ ඩයලොග් බොක්ස් එකෙන් 'Create a new project' ‍තෝරන්න නැත්නම් new බට්න් එක ක්ලික් කරන්න ( ).

       

       

    • ඩිස්ක් එකට නමක් ඇතුළත් කරන්න (මෙය පරිගණක වල පමණක් පෙනෙනු ඇත).

    • ඔබේ හිස් DVD එකේ ධාරිතාව ‍තෝරන්න: 4.7 GB (සාමාන්‍ය, සිංගල් ලේයර් ඩිවීඩී) හෝ 8.5 GB (ඩබල් ලේයර් ඩීවීඩී).

    • වීඩියෝ ෆොමැට් එක ‍තෝරන්න: NTSC සුදුසු වන්නේ උතුරු ඇමරිකානු රටවල් හා ජපානය සඳහාය, අනෙක් සියලු රටවල් සඳහා PAL ‍තෝරන්න.

    • අනතුරුව 'OK' මත ක්ලික් කරන්න.

    • අවසානයේදී ඔබට DVD මෙනුව සඳහා මාතෘකාවක් එක් කිරීමට හා ආකෘතියක් (template) ‍තෝරාගත හැක.

       

       

  2. වීඩියෝ දර්ශන එක්කිරීම

    • වින්ඩෝවේ වම් පස ඇති 'File Browser' ටැබ් එක ‍ඔබන්න.

       

       

    • මෙම ගොනු ගවේෂකය තුළ යමින් ඔබට එක් කිරීමට අවශ්‍ය වීඩියෝ ‍තෝරන්න. ගොනු නාමාවලියේ දකුණු පසින් ඔබ එක් කරන සෑම වීඩියෝවකටම සංකේතයක් දර්ශනය වනු ඇත.

    • අවශ්‍ය වීඩියෝ දර්ශන ඇදගෙන ගොස් වින්ඩෝවේ යට ඇති ටයිට්ල්සෙට් මැනේජරය (Titleset Manager) මතට දමන්න. (මවුසයේ වම් බොත්තම ඔබාගෙනම ඇදගෙන ගොස් බොත්තම මුදාහරින්න).

       

       

    • ඔබට ෆයිල් ඩයලොග් කො‍ටුව භාවිතයෙන්ද ( ) වින්ඩෝස් එක්ස්ප්ලොරා වල මෙන් ඩ්‍රැග් ඇන්ඩ් ඩ්‍රොප් කිරීමෙන්ද වීඩියෝ එක් කරගත හැක.

    ඩිවීඩී එකෙහි ඉතිරි ඉඩ වින්ඩෝවේ යටම ඇති status line මගින් බලා ගත හැක.

     

     

    සාමාන්‍ය සිංගල් ලේයර් ඩිවීඩී එකක (4.7 GB) ඉහළ තත්වයේ විඩියෝ (වීඩියෝ බි‍ටුඅනුපාතය ≥ 4.5 MB/s වන) ‍රැඳවිය හැක්කේ මිනිත්තු දක්වා 126 ක දර්ශන කාලයකටය. නිව් ප්‍රොජෙක්ට් ඩයලොග් කො‍ටුවේදී ඔබ වීඩියෝ තත්වය 'Auto' යන්න තේරුවේ නම්, ඔබට මිනිත්තු 126 වඩා වැඩි දර්ශන කාලයකට වීඩියෝ එක්කළ හැකිය. නමුත් එහිදී ස්වංක්‍රීයව රූපරාමුවල තත්වය අඩුවේ.

  3. මෙනුව නිර්මාණය කිරීම (අමතර)

    • වින්ඩොවේ වම්පස ඇති 'Background' ටැබ් එකමත ක්ලික්කර එහි ඇති රූපයක් මත ඩබල් ක්ලික් කිරීමෙන් මෙනුවේ පසුබිම වෙනස් කරගත හැක.

       

       

      ඔබට අවශ්‍ය වෙනත් රූපයක් පසුබිමට එක්කර ගැනීමට: 'File browser' ටැබ් එක හරහා අවශ්‍ය ගොනුව ‍තෝරා අවශ්‍ය රූපය මත ඩ්බල් ක්ලික් කර ‍තෝරන්න.

    • මෙනුවට මාතෘකාවක් එක් කිරීම: මෙනු එඩිටරය මත රයිට් ක්ලික් කර 'Add' හරහා 'Text' ‍තෝරා මාතෘකාව ඇතුළු කරන්න. එය අවශ්‍ය තැනක පිහි‍ටු විය හැක. එය මත ඩබල් ක්ලික් කිරීමෙන් ලැබෙන 'Text Properties' ඩයලොග් කො‍ටුවෙන් ෆොන්ට් හා ෆොන්ට් සයිස් වැනි දෑ වෙනස් කිරීමට හැක.

    • වම් පස කොනේ ඇති 'Buttons' ටැබ් එක මගින් ඩ්‍රැග් ඇන්ඩ් ඩ්‍රොප් කිරීම හරහා පහසුවෙන් මෙනූවට බට්න්ස් එක් කරගත හැක.

       

       

    • බට්න් එක මත ඩබල් ක්ලික් කළ විට ලැබෙන බට්න් ප්‍රොපටීස් හරහා එහි (ක්‍රියාව, මාතෘකාව, ෆොන්ට්, වැනි) අංග වෙනස් කළ හැක.

       

       

  4. ප්‍රොජෙක්ට් එක සේව් කිරීම

    දැන් ඩීවීඩී එකෙහි සැකසුම් අවසන්ය. සේව් බොත්තම ඔබා ( ) ව්‍යාපෘතිය සේව් කරන්න.
  5. DVD එක බර්න් කිරීම

    • බර්න් බොත්තම ඔබන්න ( ).

    • බර්න් කිරීමට පෙර පෙර දැක්මක් බලාගැනීමට අවශ්‍ය නම් 'Preview' යන්න ‍තෝරන්න.

    • හිස් DVD එකක් ඇතුළු කර, බරින් කිරීම්ට භාවිත කරන ඩ්‍රයිව් එක ‍තෝරන්න. 'Start' යන්න ඔබා බර්න් කිරීම අරඹන්න.

      පෙර දැක්ම ‍තෝරා තිබුනි නම් ඩීවීඩී එක සකසා එය බර්න් කිරීමට පෙර පෙර දැක්ම පෙනෙනු ඇත.

       

       

    කාරුණිකව සලකන්න: ඩීවීඩී එක සැකසීමට පැය ගණනක් වුව ගත විය හැක.